මෙවර ඡන්දෙට බල්ලොත් එයි

මේවර පළාත් පාලන මැතිවරණට ඉලක්ක කර දැඩි පොලිස් ආරක්ෂාවක් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් සුනඛ අංශයේ සුනඛයින්
160ක පමණ බලකායක්ද ආරක්ෂක කටයුතු සඳහා කැඳවා ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම ඡන්දය දිනයේ ඇතිවිය හැකි තත්වයන් පාලනය කිරීමටත් ඊට අමතරව රාත්‍රී මුර සංචාරවලට සහ හදිසි මාර්ග බාධකවලටත් පොලිස් සුනඛයින් යොදවා ගන්නා බවත් පොලිස් නිල සුනඛ අංශය භාර පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මෙම විශේෂ පොලිස් නිල සුනඛ කණ්ඩායමට පුපුරණ ද්‍රව්‍ය, ගිණිඅවි සහ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විශේෂ පුහුණුවක් ඇති බවත් නීති විරෝධී මැතිවරණ පෝස්ටර් ඇලවීමට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය යොදා ගන්නා බැවින් ඔවුන් අපේක්ෂකයන්ගේ වාහනවලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවාද යන්න පරීක්ෂා කිරීමට මෙලෙස පොලිස් නිල සුනඛයන් යොදා ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

Previous Post Next Post