එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් හාලිඇල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනාවලට අදාළ දිවුරුම් ප්‍රකාශ සියල්ලම නීති විරෝධි බැවින් ඒ පිළිබඳව අධිකරණය යාමට බලාපොරොත්තු වන බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි. පෙරේදා(21) සවස හාලිඇල පැවැති එක්සත් ජනතා
නිදහස් සන්ධානයේ පාක්ෂික හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
හාලිඇල එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් 43 දෙනා වෙනුවෙන් නාමයෝජනා සමඟ ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශවල මුද්දර අලවා නොතිබීම පිළිබඳව තමා බදුල්ල දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේදී පැවැති නාමයෝජනා විරෝධතා ගොනු කිරිමේ අවස්ථාවේදී විරුද්ධත්වය දැක්වු බවද අමාත්‍යවරයා පැවසීය.
එම නිසා ඒවායේ වලංගුභාවය පිළිබඳව අභියෝග කරමින් තමා අධිකරණය යාමට සුදානම් බවද ඔහු අවධාරණය කර සිටියේය.

Tags
slide