කාලගුණික හැසිරීම් පිළිබද වඩා විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සියලූදෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, අද (25) සිට වැසි වැඩි විය හැකි බවට නිකුත් කර ඇති අනාවැකි හේතුවෙන්.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි
පවසන්නේ, කිසියම් ආපදා තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සඳහා කටයුතු කිරීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාවන්ද මේ වනවිටත් දැනුවත් කර ඇති බවය. කාලගුණ අනාවැකි හා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලිසහගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ වෙරළාසන්න ප්‍රදේශවලට දැඩි අවදානමක් පවතින බව අමෙරිකානු කාලගුණ බලධාරින් පවසා තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ සුළි කුණාටුවක බලපෑම ඇති විය හැකි බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. ලබන සති අන්තයේ දී මෙම කුණාටුවේ බලපෑම් දැකිය හැකි බව පෙන්වා දෙන බව අමෙරිකානු කාලගුණ බලධාරින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ අධික වර්ෂා පතනයක් අපේක්ෂා කළ හැකි බවයි කියා සිටියේ.

Tags
slide