මීතොටමුල්ල කසල කන්ද නාය යාම සිදු වූයේ ඉකුත් අප්‍රේල් 14 වනදාය. 33 දෙනෙකුට දිවි අහිමි කරවූ මෙම ඛේදවාචකයෙන් පසු පසුගියදිනක එහි එක් ස්ථානයක සුළු ගිනි ගැනීම් තත්ත්වයක් වාර්තා වී තිබිණි.
මීටර් 49.5 ක් උසැති කසල කන්දේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පහල සිට මීටර් 29ක් පමණ ඉහළින් වන භූමි ප්‍රදේශයේ මීටර් 35ක් දුරට පැල්මක්
මතුව ඇති බව වාර්තා වේ. එය පළලින් අඩි එක හමාරක් පමණ වේ. මෙය කසල කන්ද යළි නාය යා හැකි බවට සලකුණක්ද යන්න ගැටළුවකි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ තාක්ෂණික ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ කේ.එන්.බණ්ඩාර මහතා එය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙසේ පැවසිය.
“පහුගිය දවස්වල ඇති වූ වර්ෂාපතනයත් එක්ක පොළවේ ඇතුළේ බර වැඩි වෙලා තල්ලුවිමක් විතරයි වෙලා තියෙන්නේ. ඉතින් මේක වැඩිම වුනොත් පල්ලෙහාට කඩාගෙන වැටෙන්න පුළුවන්. හානියක් වෙන්නේ නැහැ. හේතුව තමයි අපි අවදානම් කලාපයේ මේ වන විටම සියලුම ප්‍රදේශවාසීන් ඉවත් කරලා තියෙනවා. මේ පැල්ම ඇත්තටම බය වීය යුතු නැහැ.”

Tags
slide