ශ්‍රීලනිප-ඒකාබද්ධ එකඟතා කතා බොරු - මහින්ද

ආප්ප න්‍යාය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බොහෝ දෙනකුට තවමත් තේරුම් ගැනීමට හැකි වී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර එකඟතාවයක්‌ ඇති බවටත් තමා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සුහද
හමුවක්‌ පැවැති බවටත් පැතිරගොස්‌ ඇති කතා සත්‍යයෙන් තොර බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයාට තමා සමඟ කතා කිරීමට අවශ්‍ය නම් දුරකථනයෙන් කතා බහ කළ හැකි බවද හෙතෙම කීය.

තමාගේ තනි කැමැත්ත මත පක්‍ෂ එකමුතුව ගැන තීරණයකට එලඹිය නොහැකි බව පැවසු මහින්ද රාජපක්‍ෂ මහතා, එවැනි තීරණයක්‌ තනිව ගැනීමට කටයුතු කළහොත් තමන් ඒකාධිපතියකු ලෙස හැඳින්වීමට සමහරු උත්සාහ කරනු ඇතැයිද කීවේය.

(දිවයින)


Previous Post Next Post