පක්ෂ නායක රැස්වීම එකඟතාවයක් නොමැතිව අවසන්! පුංචි ඡන්දය ඉක්මන් කරන්න මැතිවරණ කොමිසම අද යළි රැස්වේ

කල් යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (25) යළිත් රැස් වනවා. සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ඇති වී තිබෙන නීතිමය බාධාවන් පිළිබද මෙහිදී විශේෂයෙන් අවධානයට ගනු ඇති.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම දිගින් දිගටම කල්යාම
සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති පක්‍ෂ නායක රැස්වීමකදීද අවධානයට ගැණුනා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා ද ඊට එක්ව සිටි බවයි පැවසුවේ. ඉන්දිය සංචාරය නිමවා ඊයේ පස්වරුවේ මව්බිමට පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියා.

පවතින නීතිමය තත්ත්වය පිළිබද නිතිපතිවරයා විසින් එහිදී පක්‍ෂ නායකයන් දැනුවත් කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වී තිබෙන නඩුකරය පෙත්සම්කාර පාර්ශවය ලවා ඉල්ලා අස්කර ගැනීමට හෝ එම නඩුව කඩිනමින් විභාග කර අවසන් කර හැකි දැයි පසුව පක්‍ෂ නායකයන් දීර්ඝ වශයෙන් අදහස් පළ කර තිබෙනවා. කෙසේවෙතත් රැස්වීම අවසන් වී තිබෙන්නේ පැහැදිලි එකගතාවකින් තොරවයි.



Previous Post Next Post