ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන ආයතන 05කට ඇප මුදල් තැන්පත් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සංසදය සඳහන් කරයි . මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ආයතන 93ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හැකි බවට නිකුත් කළ නිවේදනයට අනුව මෙය සිදු කළ බව එම සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා සඳහන් කළේය. මේ අනුව බේරුවල, පානදුර හා
හොරණ නගර සභාවලට හා අගලවත්ත,බණ්ඩාරගම යන ප්රාදේශීය සභාවලට අදාළ ඇප මුදල් තැන්පත් කළ බව හෙතෙම පවසා සිටියේය.
හොරණ නගර සභාවලට හා අගලවත්ත,බණ්ඩාරගම යන ප්රාදේශීය සභාවලට අදාළ ඇප මුදල් තැන්පත් කළ බව හෙතෙම පවසා සිටියේය.
Tags
slide