ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
තම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මුණගැසීමට හෙට (11) දිනයේ අවස්ථාවක් ලැබුණු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කියා
සිටියේ එම සාකච්ඡාවේදී තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරන බවයි.
බලාත්කාරයෙන් අතුරුදන් කිරිම පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්තිය මෙරට නීතියට ඇතුළත් කිරිම සම්බන්ධයෙන් නීතිය වළක්වන ලෙසත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත නොකරන ලෙසත් තම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.