පුංචි ඡන්දයට බාධාවක්‌ වූ පනත් තුනම ඡන්දයකින් තොරව සම්මතයි

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක්‌ව තිබූ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත් තුන ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

 මෙම පනත් කෙටුම්පත් තුන විවාදකර සම්මත කර ගැනීම සඳහා
පාර්ලිමේන්තුව ඊයේ විශේෂයෙන් රැස්‌විය. ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා විසින් විවාදය ආරම්භ කළ අතර විපක්‌ෂයේ මන්ත්‍රීවරුද විවාදයට එක්‌වූහ.

විවාදය පැයක පමණ කාලයකට සීමා වූ අතර සංශෝධන එක්‌ කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත් තුන සම්මත විය.

 අජිත් අලහකෝන් - අකිත පෙරේරා



gossip lanka