ආණ්ඩුවේ ඇමතිවරයෙකු නඩත්තුවට වසරකට ලක්ෂ 700ක්

වෙනසක් ඇති කිරීමට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු නඩත්තු කිරීමට වසරකට රුපියල් ලක්ෂ 700ක් ලබාදීමට ජනතාවට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ නිසා සැබෑ ලෙසම අලුත් වෙනසක් ඇති කරගැනීම සඳහා ජනතාව පෙළගස්වන වැඩසටහනක් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කළ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

"වෙනසකට වෙනස් වෙමු - අලුත් ගමනකට අත්වැල් බැඳගමු - ජනතා විමුක්ති පෙරමුණ සටන එක්වෙමු " යන පාඨය යටතේ අත්පත්‍රිකා බෙදාහරිමින් හා ගෙයින් ගෙට යමින් ජනතාවට දැනුවත් කරමින් සහ දිරිය පුරවැසි සමිති හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද ඔහු පවසා සිටියේය.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම වැඩපිළිවෙළ හරහා ජනතාව දුක්විඳිද්දී රටම අර්බුදයකට යද්දී පාලක පන්තියට ලැබෙන වරප්‍රසාද ගැනත් දැනුවත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

Previous Post Next Post