බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ශණය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අද පෙරවරුවේ ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ කබිර් හෂිම් සාක්ෂි ලබා දුන්හ.
ඔවුන් කියා සිටියේ අදාල බැඳුම්කර ගනුදෙනුව සිදුවූ දිනට පෙර දින මහ
බැංකුවට ගියේ පසුගිය රජය විසින් මාර්ග සංවර්ධන ව්‍යපෘතිවලට ගෙවිය යතුව තිබු බිලියන 18ක හිග මුදලක් ලබාගැනීම සදහා වූ සාකච්ඡාවකට බවයි.
මහා මාර්ග අමාත්‍යංශය යටතේ බිලියන 3 ක් ඇති නමුත් ඉතිරි මුදල අවශ්‍ය බව එහිදී පැවසුවේ යයි ඔවුන් සදහන් කල අතර එදින සාකච්චාව සදහා රවී කරුණනායක, මලික් සමරවික්‍රම, කබීර් හෂිම් යන ඇමතිවරුන් මෙන්ම මහ බැංකු හා මහා භාණ්ඩාගාර නිලධාරින් සහභාගි වූ බවත් කොමිසමට පැවසූහ.
පසු දිනයේ පැවැත්වීමට තිබූ බැඳුම්කර වෙන්දේසිය ගැන කිසිවක් එහිදී සාකච්චා නොවූ බවත් එජාපයට අර්ජුන් ඇලෝසියස් හෝ ඔහුගේ සමාගමෙන් අරමුදල් ලැබී නැති බවත් ඇමති දෙදෙනා වැඩි දුරටත් කියා සිටියහ.