රටට හානි වන ව්‍යවස්ථාවකට අස්සන් කරන්න වුණොත් වෙඩි තියා ගන්නවා

බුද්ධාගමට හෝ වෙනත් ආගමකට, ජාතියකට හානි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට තමන්ට අස්සන් කළ නොහැකි බවත් එසේ සිදු වුවහොත් හෘද සාක්ෂියට එකඟව වෙඩි තබා ගැනීමට සිදුවනවා යයි කතානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

රටට, ජාතියට, ආගමට හා සංස්කෘතියට හානි වන ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවකට අස්සන් නොකරන ලෙස මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගෙන් තමන්ට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් සෑම විටම බුද්ධිමත්ව කටයුතු කරන බව තමන් දන්නවා යයිද පැවැසූ කතානායකවරයා එම මන්ත්‍රිවරුන් කුමන ව්‍යවස්ථාවක් සම්මත කළද එය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ජනමත විචාරණයේදී මහජනතාවට අයිතිය තිබෙන බවද අවධාරණය කළේය.

කිසිදු අවස්ථාවක ආගමික නායකයන්ගේ අදහස් නොවිමසා ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් තීරණ නොගන්නා බවට දැනටමත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ප්‍රසිද්ධියේ සඳහන් කොටස් ඇති බවද කතානායක කරු ජයසූරිය මහතා කීවේය.

-දෙනගම ධම්මික රණවීර

Previous Post Next Post