දිවුලපිටිය හේන්පිටිගෙදර ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඊයේ (23) ඇති වූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයන් සමග සිටි තවත් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු පළා ගොස් තිබෙනවා.
කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල ක්රියාකාරිකයෙකු
වූ සමයං ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද සැකකරුවකු වන පොල් වත්තේ නිශාන්ත නැමැත්තා ද එලෙස පළා ගිය අය අතර සිට ඇති බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
මේ අතර වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පාතාල සාමාජිකයා ප්රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ද වෙඩි වැදී ඇතත් වෙඩි නොවදින කබා ඇඳ සිටීම නිසා ඔවුන්ට ජීවිත හානියක් හෝ බරපතල ලෙස තුවාල සිදුවී නැහැ.
විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ අදාළ පාතාල සාමාජිකයන් පිරිස නිධානයක් ලබා ගැනීමට කුමන්ත්රණය කරමින් සිට ඇති බවයි. වෙනත් පිරිසක් ලබා ගත් නිධානයක් ඔවුන්ට පහර දී කොල්ල කෑමට සැළසුම් කළ බව අත්අඩංගුවට ගත් අයගෙන් කෙනෙකු ප්රකාශ කර තිබෙනවා.

Tags
slide