බැදුම්කර ගණුදෙනුවේ රහස් හඩ පටයක් නිකුත් වෙලා

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පචුවෙල් ටෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක නිලධාරියකු ඇතුළු නිලධාරීන් කීපදෙනෙකු අතර 2015 වසරේදී සිදුව ඇතැයි කියන දුරකථන සංවාදයක හඩපටයක් අනාවරණවී තිඛෙනවා.

2015 පෙබරවාරි 27 දාමෙම දුරකථන සංවාදය සිදුව ඇති බවයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ.
මෙම හඬ පටයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි බවද ඔහු අවධාරණය කළා.
බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට එහි පිටපතක් ලබාදීමට නියමිතයි.

දැනට විදෙස්ගතව සිටින පුද්ගලයකු හරහා මෙම හඩ පටය අනාවරණ කර තිඛෙනවා.


Previous Post Next Post