බැඳුම්කර කොමිසමේදි හෙළි වූ රවී සහ මහේන්ද්‍රන්ගේ ලිපිගොනු තවම බාරදී නැහැ

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන යන බවට බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ ලිපි ගොනු දෙක කොමිසමට ඉදිරිපත් කරන ලෙස එම සමාගමට නියෝග කොට තිබුණත් මේ වනතුරු අදාළ ගොනු කොමිසමට බාරදී නැතැයි කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පවසයි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්
මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිට අදාළ ගොනු වහාම කොමිසමට බාරදෙන ලෙස පසුගිය 16 වැනි දා නියම කොට ඇතත් අදාළ ලිපි ගොනු මේ වන තුරු බාරදී  නැතැයි උඩුගමසුරිය මහතා වැඩිදුරටත් පවසයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක කොමිසමට ඉදිරිපත් කරන්නැයි නියම කළ මුල් අවස්ථාවේදී ඔහු දරුණු හෘදයාබාධ තත්වයක් මත බව කියමින් රෝහල් ගත වූ අතර ඉන් සුව වී පැමිණි පසුවද අදාළ නියෝගය ඔහුට දැනුම් දුන්නත් මේ වනතුරු අදාළ ගොනු දෙක කොමිසමට බාරදී නොමැත.



Previous Post Next Post