හෙළ සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ හැත්තෑ වැනි ජන්ම දිනය අදට(30) යෙදී තිබේ.
1947 අප්‍රේල් මස 30දා ඇය මෙලොව උපත ලැබු ඇය, එදා මෙදාතුර අසමසම නිර්මාණ රැසකට විශිෂ්ට රංගන දායකත්වයක් සැපයූ අතර සිනමා අධ්‍යක්ෂණය තුළින් ද ක්ෂේත්රයට මෙහෙවරක් සිදු කළාය.
පුංචි බබා සිනමාපටයෙන් ඇරැඹෙන ඇගේ රංගන ජීවිතය තුළදී යුග ගණනාවක් නියෝජනය කළාය. ගාමිණි - මාලිනී, විජය - මාලිනී යුග සුවිශේෂී තැනක් ගනියි.
නිධානය, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, ආකාස කුසුම්, එයා දැන් ලොකු ළමයෙක් ආදී චිත්‍රපට සිය ගණනක් හරහා ඇය විශිෂ්ට රංග ප්‍රතිභාව තිරයේ පතල කළාය. වේදිකා නාට්‍ය, සිනමාව හා රූපවාහිනිය යන ක්ෂේත්රයන් සියල්ලෙහිම විශිෂ්ට නිළියක ලෙස බහුමානයට පාත්‍ර වන මාලිනී ආකාස කුසුම් රංගනය උදෙසා ඉන්දීය රජත මයුර සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.
"ලංකා හොට් නිව්ස්' මාලිනීට උණුසුම් සුබපැතුම් ගෙන එයි.