අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ශානි අබේසේකර මහතාට මෙම උසස් වීම ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
පසුගිය වසරේ අගෝස්තු මස 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් වීම ලබා දී ඇති බව සඳහන්වේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ටත් ලොකු පුටු
මේ අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකු ද සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
සේවා කාලය හා කුසලතාවය මත 2016 වසරේ දෙසැම්බර් මස 25 වන දින සිට ඔවුන් අදාළ තනතුරු සඳහා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.
ඒ අනුව ඇමති ආරක්ෂක කොට්ඨාශයේ යු.පි.සෙනෙවිරත්න, කොළඹ උතුර කොට්ඨාශයේ එච්.ජි.ඩි.එස්.අමරසිංහ, ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඒ.ජේ.ගුණසේකර සහ නුගේගොඩ කොට්ඨාශයේ ඩබ්ලිව්.එච්.බණ්ඩාර යන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.