එංගලන්ත අගමැති ඉල්ලා අස්වීමට සූදානම්

බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට තමන් දරන ලද මතය පරාජය වූ බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා පවසනවා.

මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ලබන ඔක්තෝම්බරයේ කන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවේ දී අලුත් අගමැති කෙනෙකු තෝරා ගත යුතු බවයි.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී ඩේවිඩ් කැමරන් මහතා සිය අගමැති තනතුරෙන් ඉවත්ව යාමට තීරණය කර තිබෙනවා.
එහෙත් කන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරු 84 දෙනෙකු සඳහන් කර ඇත්තේ ජනමත විචාරණයේ ප්‍රතිඵලය කුමක් වුවද අගමැතිවරයා ඉවත් නොවිය යුතු බවයි.
Previous Post Next Post