රජයට විරැද්දව කරන සියළු කටයුතුවලින් වහා ඉවත් වන්නැයි දන්වමින් තමනට ‘අවසන් මරණ තර්ජනය’ නම් ලිපියක් ලැබී ඇති බවත් එය මේ වන විටත් රහස් පොලිසියට බාර දී ඇති බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
එසේම දුරකතන ඇමතුම් දෙකකින්ද තමාට මරණ තර්ජන එල්ල කල බව කී උන් වහන්සේ දැන් මරණවා කීවද තමා බිය නැතැයි කියා සිටිති.
තමනට ජේ.ආර්. ගේ කාලයේවත් නොතිබුණු මරණ තර්ජන මේ යහපාලනය යටතේ ලැබීම ගැන පුදුම වන්නේ නැතැයිද කී උන් වහන්සේ අභියෝගයකට මුහුණ දීමට ආත්ම ශක්තියක් තමා සතුව ඇතැයිද පැවැසූහ.
Tags
Sinhala News