හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත මහරගම පොලිසියේ දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී සොහාන් පෙරේරා මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
සොහාන් පෙරේරා, ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ සොයුරාය.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 550ක් සොයාගෙන ඇත.
හෙරොයින් ජාවාරමේ නියැළුණු මහරගම පැරකුම් මාවතේ පදිංචි රේණුකා සමන්ති හෙවත් රේණු ගෙන් රුපියල් 25,000ක හෙරොයින් රැගෙන යතුරුපැදියකින් යමින් සිටියදී මොහු අත්අඩංගුවට පත්ව තිබිණි.
රේණුවද පොලිසිය අත්ඩංගුවට ගෙන තිබේ.
ඇය හෙරොයින් ඡාවාරම් කිරීමේ වරදට මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප ලබා සිටි තැනැත්තියක් බවද පැවසේ.

Tags
Sinhala News