හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු හා මහජන සම්බන්ධතා කාර්යාලය බත්තරමුල්ල නෙළුම් මාවතේදී හෙට (12) පෙරවරු 9.00ට විවෘත කෙරේ.
එම අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු රැසක් සහභාගීවීමට නියමිතය.
කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂය හා ශ්රීලනිපයෙන් ආණ්ඩුවට එක්ව සිටින මන්ත්රීවරුන් එක්ව පිහිටුවීමට නියමිත අලුත් පක්ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව පසුගිය 08 වැනිදා රාත්රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින හා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්රීවරුන් විශාල පිරිසක් සහභාගි වී ඇති බවද වාර්තා විය.
නව පක්ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.

Tags
Sinhala News