කොළඹින් ගාල්ලට ගෙන්වා එන්නත් දුන්නු ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන් දෙදෙනාගේ තනතුරු ගලවයි

විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් ගෙන්වා ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී භූමිය තුළ එන්නත් ලබාදුන් බවට චෝ දනා එල්ල වූ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී  හා ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා යන අයට විරුද්ධව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්ථා කරන්නේ බොහෝ දුරට එම වෛද්‍යවරුන් දෙදෙනාව තනතුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ඇති බවයි.

මොහු රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ ප්‍රභල ක්‍රියාකාරිකයෙකු බවටද මේ වනවිට තොරතුරු වාර්ථා වී තිබේ.

කෙසෙවෙතත් මෙම තීරණයට රජයේ වෛද්‍ය නිළධාරී සංගමය දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර යම් හෙයිකින් එවැනි තීරණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ගතහොත් ව ර්ජ නයකට වුවදා යාමට සූදානම් බව රජයේ වෛද්‍ය නිළධාරී සංගමයෙන් පාර්ශ්ව කිහිපයකට අන.තුරු හැඟවීම් කර තිබේ.

රට තුළ කොවිෂීල්ට් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා විශාල හිඟයක් පවතින අවස්ථාවක කොළඹ ප්‍රදේශයෙන් පුද්ගලයන් ගෙන්වා ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී භූමිය තුළ තෝරාගත් පිරිසකට පමණක් රහසේ එන්නත් ලබාදෙන බවට පසුගියදා මාධ්‍ය වාර්ථා පළවිය. මේ සම්බන්ධව රටපුරා විශාල විරෝධයක්ද මතුවිය.

කොරෝනා වසංගතය පාලනය කිරීමට ඇතැම් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම ආරක්ෂක අංශද විශාල කැපවීමක නිරත වන කාලපරිච්ජේදයක වෛද්‍යවරුන් පිරිසක්ම මෙලෙස එන්නත් අව භාවිතා කිරීම ඉතාම ප හ ත් ක්‍රියාවක් බව කිවයුතුය.
Previous Post Next Post