Email

ගෝටාබය පොරොන්දු කැඩුවා – ගම්මන්පිල

මැතිවරණ සමයේදී ගෝටාබය රාජපක්ෂ ලබාදුන් පොරොන්දු මේ වනවිට කඩකර ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල දේශය පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.

“මේ දවස්වල අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කරලා තියෙනවා යෝජනාවක් ජනවරමට පිටුපාලා. ඒ තමයි පළාත් සභා මැතිවරණයේදී එක කොට්ඨාසයකින් එකම පක්ෂයෙන් අපේක්ෂයෝ තුන්දෙනෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක්. ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා මනාප ක්‍රමයට තිත තියනවා කියලා. ඉතින් ඒ පොරොන්දුවට මේක පටහැනියි.

ආණ්ඩුව වෙනුවෙන් උත්තර දෙන අය ගොඩක් ඉන්නවා. ඒත් ඒ දෙන උත්තර කොච්චර සාර්ථකද කියලා මට ප්‍රශ්නක් තියෙනවා මොකද දැන් මම ප්‍රේක්ෂකයෙක්නේ ආණ්ඩුවේ.”
gossip lanka