Email

සුපිරි වාහනයකින් අනතුරක් කළ පොලිස් දුවට ඇප – උදව්වට ගිහින් අමාරුවේ වැටුණු ඇගේ යාළුවා මෙන්න - (photos)

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවයි.

අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනයකර අනතුරක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 20 හැවිරිදි තරුණියක් වන අතර ඇය නුගේගොඩ උසස් පොලිස් නිලධාරියෙකුගේ දියණිය වනවා.

නිදහස් මාවත ආසන්නයේ නෙළුම් පොකුණ රඟහල අසල පිහිටා තිබූ මොටර් රථ ප්‍රදර්ශනාගාරයේ ගැටී සිදුවූ මෙම අනතුරින් ප්‍රදර්ශනාගාරයට හා එහි තිබූ සුඛෝපභෝගී මෝටර රථ කිහිපයකට අලාභ හානි සිදුවී තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මස බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගැටී මියයාමට හේතුවූ ඩිෆෙන්ඩර් රිය පදවා තිබුණේ ද අදාළ අනතුර සිදුකළ තරුණියගේ සහෝදරයා විසිනුයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක අතර පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර සිදුකළ පාර්ශවය අලාභ පියවීමේ එකඟතාවකට පැමිණියහොත් පරීක්ෂණ අනවශ්‍ය වියහැකි බවයි.

එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලිසීය විසින් ඇප ලබා දුන්නද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුව නඩු පවරන බවයි.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ එම අනතුරට තමා සම්බන්ධ නැති බවත් තමා එම ස්ථානයට ගියේ සිය මිතුරන් ගැන සොයාබැලීමට බවත්ය.

එම තරුණියගේ ඡායාරූපයක් අනතුර සිදු කළ තරුණියගේ ඡායාරුපයක් ලෙස වරදවා තේරුම් ගැනීම නිසා ඇය මේ සටහන තබා තිබෙනවා.

එම තරුණිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහන් කිහිපයක් පහතින්.
gossip lanka