දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.
2015ට කලින් පැවති රජය සමයේ දී දිවි නැගුම මුදල් අවභාවිතා කළේ යැයි පසු ගිය යහපාලන රජය සමයේදී මෙම නඩුව ගොනු කරනු ලැබීය.