Email

විකට රංගනයෙන් ලංකාවම හිනස්සපු ටෙනිසන් හදිසි හදවත් රෝගයක් හේතුවෙන් රෝහල් ගත කරයි

මෙරට ජනකාන්ත සිනමා තාරකාවන් තරමට ම ජනප්‍රිය වූ විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ හදිසි හදවත් රෝගයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
 
මේ සම්බන්දයෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන දයාන් විතාරන විසින් සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් පළ කර තිබෙනවා.
 
"හස කැලුමින් නිබඳව අප මනස සුවපත් කළ හිතාදර ටෙනීට ඉක්මන් සුව පතමු ..............
 

ප්‍රවීණ හස රංගනවේදී ටෙනිසන් කුරේ මේ වන විට හදිසි හදවත් රෝගයක් මතු වී රෝහල්ගත කර ඇත.
 
මෙරට ජනකාන්ත සිනමා තාරකාවන් තරමට ම ජනප්‍රිය වූ විකට ශිල්පීන් තිදෙනා වූයේ ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ බව අවිවාදිතය. "හද ඇඳි සිත්තම්" නැමැති විත්ති කතා චිත්‍රපටයෙන් සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්ෂෙත්‍රයට අවතීර්ණ වන ඔහු දිනේෂ් ප්‍රියසාද්ගේ "ඇක්ෂන්" විත්ති කතා චිත්‍රපටයේ පිටපත ද රචනා කරමින් සිනමා රංගනයට අවතීර්ණ වූවේය. හේමසිරි සෙල්ලප්පෙරුමගේ "ජීවන්ති" චිත්‍රපටය හරහා වෘතාන්ත සිනමාවට අවතීර්ණ වූ ඔහු "නොම්මර එකයි" චිත්‍රපටයෙන් බන්දු සමරසිංහ සමග සුසංයෝග වූවේය. සිනමාවේ හස රංග යුග අතරින් ජනකාන්තම යුවළ වූයේ බන්දු සහ ටෙනී ය. "ඔබටයි ප්‍රියේ ආදරේ", "ආසයි බයයි", "පෙරලිකාරයෝ", "චෙරියෝ ඩොක්ටර්", "චෙරියෝ කැප්ටන්", "රෑ දැනියෙල් දවල් මිගෙල්", "සොමි බෝයිස්", "ජැක් ඇන්ඩ් ජිල්", "සීත සමීරේ", "කොලොම්පූර්", "ජීවිතේ ලස්සනයි", "රන්ජා", "ජය ශ්‍රී ඇමතිතුමා" වැනි චිත්‍රපට රැසක රංගනය කළාය. ඉකුත් වසරක දෙරණ සිනමා සම්මාන උළෙලේ දී "කොට උඩ එක්ස්ප්‍රස්" චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් වසරේ හාස්‍යෝත්පාදන රංගනය වෙනුවෙන් ඔහු සිය සිනමා ජීවිතයේ පළමු සම්මානය දිනා ගත්තේය. ඔහුටම ආවේණික පෙනුමෙන් මෙන්ම ඔහුගේම ශෛලියකින් රසිකයන් අතරට ගිය ටෙනී, සිනමාවේ සහ රසික පර්ෂදයේ වෙසෙන සැමට භේදයකින් තොරව එක ලෙස සෙනෙහස දක්වන්නෙකි.
 
පසුගිය කාලවකවානුවේ ද තරමක් අසනීප තත්ත්වයකින් ඔහු පසුවන බවට ආරංචි සැල වුවත් අප සැමගේ එක සිත් ආශිර්වාදයෙන් ඔහු නිරෝගීව වෙසෙමින් ඉක්මණින් යලි සිනමාවේ දක්නට ලැබේ යැයි අපි අපේක්ෂා කළෙමු. එහෙත් හදිසියේ මතුවූ හෘදයාබාධයක් නිසාවෙන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ටෙනිසන් වෙනුවෙන් අප සියලු දෙනාම අප අදහස ආගම දහමට අනුව එක්සිත්ව සුව ප්‍රාර්ථනා කරමු.
 
අප මුවඟට නිරතුරු සිනහව ගෙනා ආදරණීය ටෙනීට අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඉක්මන් නිරෝගී සුවයම සැලසේවායි පතමි !!!" 
gossip lanka