Email

කොඩියේ මන්ත‍්‍රීකම තමනට පැහැරගන්න උදවු කරන්නැයි රතන හිමි බලවතුන් පසුපස

අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය තමන් වහන්සේට ලබා ගැනීමට උපකාර ඉල්ලා පූජ්‍ය අතුරලයේ රතන හිමියන් දේශපාලන බලවතුන් හමුවන බවට අපේ ජනබල පක්ෂය චෝදනා කරයි. එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා සඳහන් කරන්නේ පක්‍ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් සැගව සිටින්නේ රතන හිමියන් භාරයේ බවට තමන්ට දැනගන්න ලැබී ඇති බවයි.

ගලගොඩගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට පක්‍සයේ ජතාකි ලයිස්තු මන්ත‍්‍රී ධුරය ලබාදීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ විමලතිස්ස හිමියන් නිසා බවද ඔහු පැවසීය.

එනිසා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ බවත් ඔහු තව දුරටත් කියා සිටියේය. 
gossip lanka