Email

පූජිත් සහ හේමසිරි ට එරෙහිව සිදුකළ පරීක්ෂණ අවසන් !

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.යූ ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි.
මොවුන් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ඉවසා ඇති බවත් විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත අනතුරුව පැමිණිල්ල නැවත මාර්තු මස 14 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නා.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම තුළින් මිනීමැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට චෝදනා එල්ල වුණා. 
gossip lanka