Email

23 හැවිරිදි ප්‍රභූ දියණියක් කොල්ලො හතරක් සහ “අයිස්” සමඟ කිරිබත්ගොඩ හුණුපිටිය හෝටල් කාමරේක

හෝටල් කාමරයක සිටි තරුණියක් සහ තරුණයන් හතර දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

මෙම තරුණිය සහ තරුණයන් සිව් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ කිරිබත්ගොඩ හුණුපිටිය අලුත් පාරේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් තුළදීය. ඔවුන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 710 ක ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගැණිනි.

වැටලීම් සිදු කරන විට ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර සිටි බව පොලිසිය පවසයි. තරුණියට පළමුව මත්පැන් පානය කිරීමට සලස්වා පසුව අයිස් මත්ද්‍රව්‍ය ද ලබා දී ඇත. ඇය කැලණිය ප‍්‍රදේශයේම පදිංචි ප්‍රභූ පවුලක දියණියක් වන අතර ඇගේ වයස 23 කි.

සැකකාර තරුණයින් සිව් දෙනා වයස අවුරුදු 30 ට අඩු අය වන අතර මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ වරද යටතේ සැකකරුවන් පස් දෙනාම මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. 
gossip lanka