Email

අංගොඩ ලොක්කාගේ සිරුර ආදාහනාගාරයට ගෙනගිය 2ක් රිමාන්ඞ් - ලොක්කා බලෙන් ඉඩමුත් අරං !

පාතාල නායකයකු වූ අංගොඩ ලොක්කාගේ සිරුර කොයිමොට්ටෝර් සිට මදුරෙයි ආදාහනාගාරය වෙත ගෙන යෑම සම්බන්ධයෙන් නීතිවේදිනී සිවකුමර් සුන්දරී සහ ඇගේ සහකාර නීතිවේදියා වූ තියනේස්වරන් ඉසදීන් යන අය රිමාන්ඩ් කර තිබේ.


ඉන්දීය රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 31 වැනිදා දක්වා කොයිම්බර්තෝර් බන්ධනාගාරගත කර ඇත.

අංගොඩ ලොක්කා බලෙන් ඉඩම් අරං

වස දීමෙන් ඉන්දියාවේදී ඝාතනයට ලක්වූ බවට පැවසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා බලහත්කාරයෙන් තම ඉඩම් ලියා ගත්තැයි පවසමින් එම ඉඩම් හිමිකරුවන්ගෙන් මේ වනවිට පැමිණිලි තුනක් ලැබී ඇතැයි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

එම පැමිණිලිකරුවන් මුල්ලේරියාව පොලිස් වසමේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

පර්චස් සීයකට අධික ප්‍රමාණයකින් යුත් ඉඩමක් කිසිඳු මුදලක් නොගෙවා බලහත්කාරයෙන් ලියා ගත් බවත්, පර්චසය රුපියල් ලක්ෂ තුනක් වටිනා ඉඩමක්, පර්චසයට රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදී ලියා ගත් බව හා කෝටි හතරක් පමණ වටිනා ඉඩමක් ලක්ෂ අසූ පහක් දී ලියා ගත් බවත් එම පැමිණිලිවල සඳහන් වන බව පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

ඊට අමතරව එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා නිවසක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ 90ක් ලබාදී බලහත්කාරයෙන් ලියාගෙන ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
gossip lanka