Email

තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකයා කොරෝනාවෙන් මරුට !

ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා ඊයේ (20දා) උදෑසන කොවිඩ් -19 වයිරසය හේතුවෙන් මියගොස් ඇත.

මීට අමතරව අන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි මෙම ප්‍රසිද්ධ දේව මාලිග ෙය් රාකජාරියේ නියුතු පූජකවරුන් 21 දෙනකු ඇතුළු කාර්මයණ්ඩලයේ 158 දෙනකු කොවිඩ් -19 ආසාදිත බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.


ඊයේ උදෑසන මියගිය මෙම හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති ඩික්ෂුවුලු පසුගිය වසරේ සේවයෙන් නිදහස් කර ඇති බව තිරුමාලා තිරුපති බලාජි කෝවිලේ ප්‍රකාශකයකු විදෙස් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ. 73 හැවිරිදි හිටපු ප්‍රධාන පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් දේව මාලිගයේ සේවය කර තිබේ.

ලොව ප්‍රසිද්ධ වන්දනා ස්ථානයක් වන තිරුපති කෝවිල කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මඳ කලකට වසා දමා දැන් නැවත වන්දනාකරුවන් වෙනුවෙන් විවෘත කර තිබේ. කෙසේ වෙතත් කෝවිලේ ප්‍රකාශක රෙඩ්ඩි ප්‍රකාශ කර ඇත්තේ පූජකයන්ට වන්දනාකරුවන්ගෙන් වයිරසය ආසාදනය වී ඇති බවයි. මේ අතර ජනතාවට විවෘත කර ඇති කෝවිලේ සේවය සඳහා එහි ප්‍රධාන පූජකවරු දැනට කටයුතු නොකරන අතර සියලුම පූජාවන් අවශේෂ පූජකයෝ සිදුකරති.

නයන තරංග ගමගේ
gossip lanka