Email

BREAKING NEWS: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලු කොරෝනා වැඩවලින් ඉවත් වෙති - (video)

අද (17) දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති, එම්.ජී.යු.රෝහණ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත මේ බව ලිඛිතව යොමු කර ඇත.


නීතිමය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් එම සංගමය මෙම තීරණය ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව එම සංගමයේ විධායක සභාව විසින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, හෙට (18) දිනයේ දී පැවැත්වෙන දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී මේ සම්බන්ධයෙන් සමාලෝචනය කර ඉදිරි තීරණ දැනුම් දෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

කොවිඩ් පාලනයට අදාළව මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් පත්‍රය අද දිනය තුළ නිකුත් කිරීම සඳහා කටයුතු කරන බවත්, මහජනතාව පීඩාවට ලක්වීම වැලැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා බලය ලබා නොදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කළ ප්‍රකාශය පිළිබඳව සංගමයේ බලවත් අප්‍රසාදය පළ කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
gossip lanka