Email

ගෙල කපා මරා දැමූ එකම පවුලේ තිදෙනකුගේ සිරුරු සෞදියේ සිට කටුනායකට – විශේෂ ගුවන් යානයේ මළ සිරුරු 07ක් !

සෞදි අරාබියේ සේවය කරමින් සිටිය දී ගෙල සිඳ මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයකු පැවසුවා.

මොවුන් කැළණිය, බියගම පාරේ පංසල අසළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.


එමෙන්ම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු බවට තොරතුරු ද වාර්තා වනවා.

මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා, පසුව ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බව පැවසේ .

මෙසේ මරා දමා ඇති පවුලේ පියාගේ වයස අවුරුදු 59 කි.

මවගේ වයස අවුරුදු 55 ක් වන අතර ඔවුන්ගේ දුවගේ වයස අවුරුදු 34 කි .

ඔවුන්ගේ මළ සිරුරු අද (07) උදෑසන 7.10ට සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණා.

මෙම ගුවන් යානයෙන් මෙම මළ සිරුරු තුනත් සමග තවත් මළ සිරුරු 04ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

අනෙක් මළ සිරුරු 04 වෙනත් ස්වභාවික හේතු මත මියගොස් සිටි අයගේ මළ සිරුරු බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ වනවිට මෙම මළ සිරුරු 03 පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කර ඇති බව ද සඳහන්.

ටී.කේ.ජී.කපිල
gossip lanka