Email

කුරුණෑගල නගරාධිපති බේරාගැනීමට අගමැති කාර්යාලයෙන් කැඳවූ මාධ්‍ය හමුව 'බකල්' ! - 'පොහොට්ටුවෙන්' ම විරෝධයක්!! - ඥානසාර හිමිගෙන් ජනපතිට 'චැලෙන්ජ්' එකක්! - (video)

පුරාවිද්‍යා කොමසාරිස් විසින් බුවනෙකබාහු රාජ සභාව ලෙස හඳුන්වනු ලබන අගමැති මහින්ද රාජපක්ෂ විසින් බුවනෙක හෝටලය ලෙස

නම් කරන කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට කටයුතු කළ නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ නිදහස වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අද (ජුලි 19)  පෙරවරු 11.00ට  කුරුණෑගල නගර සභාව තුල සංවිධානය කර තිබු මාධ්‍ය හමුව අවසන් මොහොතේදී අවලංගු කිරීමට කටයුතු කර තිබේ.


මෙම මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ අගමැති කාර්යාලය විසින් බවට වාර්තාවේ. එම මාධ්‍ය හමුවට අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම අනුගාමිකයකු වන වයඹ පළාත් අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමි ප්‍රමුඛ පළාතේ නායක ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම සහභාගිවන බවට ද දැනුම් දී තිබී ඇත.

කෙසේවුවද දහවල් 12ට පමණ මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත්තේ මාධ්‍ය සාකච්ජාව අවලංගු කළ බවයි.

එම මාධ්‍ය හමුවට සහභාගී වීමට නියමිතව සිටි හිමිවරුන්ට බොදු බල සේනා සංවිධානය ඇතුළු සංඝ සමාජයෙන් හා 'පොහොට්ටු' පක්ෂයේ ම ප්‍රාදේශීය නායකයින් ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ එම මාධ්‍ය හමුව හකුලා ගෙන ඇතැයි වාර්තාවේ.

ගෝඨාභය, කරුණාකරලා ඔහේගේ වැඩ පෙන්නන්න - ඥානසාර හිමි

උතුරු නැගෙනහිර පළාත්වල අන්‍යාගමිකයන් විසින් ඉවක් බවත් නොමැතිව පුරාවස්තු ඩෝසර් කරද්දී දකුණේ බෞද්ධ දේශපාලනඥයන් ද එලෙසින් සිදුකිරීම සංවේගයට කරුණක් බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

උන්වහන්සේ එබව සඳහන් කලේ, කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සිදුකරනු ලැබ ඇති පුරාවස්තු විනාශය පිළිබඳ නිරීක්ෂණය කිරීමට ඊයේ (19) උදෑසන එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දීය.

පුරාවිද්‍යා හානිකිරීම් සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා නීතීය දේශපාලකයන්ට ක්‍රියාත්මක නොවන්නේ කුමන හේතුවක් නිසා දැයි ඥානසාර හිමියන් මෙහිදී විමසා සිටියහ.

මෙම වටිනා පෞරාණික සම්පත විනාශ කිරීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පියවර ගන්නා තෙක් බලාසිටින බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

මේ අවස්ථාවට උලපනේ සුමංගල හිමි ඇතුළු තවත් හිමිවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.


gossip lanka