මැතිවරණය සඳහා තරඟ වැදීමට නාමයෝජනා භාරදී ඇති සියළු අපේක්ෂකයන්ගේ මනාප අංක ඊයේ දිනයේ මැතිවරණ කොමිසම විසින් ප්රකාශයට පත් කරන ලදී.
ඒත් සමගම එම අපේක්ෂකයන් තම අංකය යොදා සකස් කරන ලද ප්රචාරක දැන්වීම් සමාජජාලා මුදාහැර ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ පක්ෂ නායක මෛත්රිපාල සිරිසේන මහතාගේ පින්තූරය භාවිතාවෙන් වැළකී සිටීමට කටයුතු කර තිබෙනු නිරීක්ෂණය කළ හැක.
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන් තම මනාප අංක සමග ප්රචාරය කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ සමග පොහොට්ටුවේ ලකුණයි. නැතහොත් පොහොට්ටුව පමණකි.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද පොහොට්ටුව ලකුණෙන් මැතිවරණ තරග වැදීම සදහා වන ප්රචාරක කටයුතු ආරම්භ කර ඇත.