රාජ්‍ය සේවකයන්ට පීබී විශ්වාස නැතැයි විදුහල්පතිවරු ජනපතිට ලියයි

විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ නියැලෙන කිසිවෙකුටත් ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොවන බව විදුහල්පති සේවා සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දන්වා තිබේ.

ඒ ඔහුගේ අතීත භාවිතයන් නිසාවෙන් බවද එහි දක්වා තිබේ.

2020. 05. 05 දිනැතිව ජනාධිපති ලේකම් විසින් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වෙත යොමුකර ඇති ලිපිය මගින් සෑම අමාත්‍යාංශයක ම හා රාජ්‍ය සේවකයකුගේ ම වැටුප හෝ ඉන් කොටසක් අයකර ගැනීම සඳහා දැනුම් දී ඇති බවත්, මේ පිළිබඳව විදුහල්පති සේවා සංගමයේ දැඩි විරෝධය පලකරණ බවද එහි දැක්වේ.

අතීතයේ සිදුවූවාක් මෙන් ම '' #කොරෝනා #Covid- 19'' අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධව ද විනිවිදභාවයක් නොතිබීමත්, රාජ්‍ය යාන්ත්‍රණයක් හරහා වගකීමෙන් එම මුදල් පරිහරණය නොකිරීමත් නිසා ඒ පිළිබඳව ද සැකයක් මතුව ඇති බවද විදුහල්පති සේවා සංගමය කියා සිටී.

මේ වනවිට දැඩි ණය බරකින් හා දැඩි මූල්‍ය අපහසුතා මැද සොච්චම් වැටුපකින් ජීවත්වන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් තව තවත් පීඩනයට සහ අපහසුතාවයට පත් නොකරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටී.

අදාළ ලිපිය පහත දැක්වේ.
Powered by Blogger.