විවෘත කල සැණින් කොළඹ කොටස් සීඝ‍්‍ර කඩා වැටීමක.. පහල යාම 10% ඉක්වයි.. වහාම වසා දමයි

මාස 2 කට ආසන්න කාලයකින් පසුව අද දිනයේ ගනුදෙනු සඳහා විවෘත කරන ලද කොළඹ කොටස් වෙළද පොළ ගනුදෙනු ආරම්භ වූ වහාම අත්හිටුවනු ලැබීය.

මීට හේතු වූයේ ගණුදෙනු ආරම්භයේදීම මිල දර්ශක වල සීග්‍ර කඩාවැටීමයි.
අවසන් වරට ගණුදෙනු කරන ලද පසුගිය මාර්තු 20 වන දිනට සාපේක්ෂව අද දිනයේ 10.11% කඩා වැටීමක් පෙන්නුම් කරන ලදී.

පෙර දිනයට සාපේක්ෂව 10%ක පහල යෑමක් පෙන්නුම් කිරීම හේතුවෙන් අද දිනයේ ගනුදෙනු සම්පූර්ණයෙන් ම නවතා දමා ඇත.
Previous Post Next Post