හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න සියලු වියදම් ක්‍රිකට් ආයතනයෙන් - විස්තරේ මෙන්න

හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා සියලු පිරිවැය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරණ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මේ අනුව හෝමාගම ප්‍ර දේශයේ අක්කර 26ක ඉඩකමක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිිකරීම සඳහා වෙන්කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බවද ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.


එසේම කොළඹ අවටින් ප්‍රේක්ෂකයන 40000කට අපමණ අසුන්ගත හැකි ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සළකා බලමින් සිටි බවත් ඒ අනුව හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකරන බවත් ක්‍රිකට් ආයතය පවසයි.
Powered by Blogger.