කඩවත ප්‍රදේශයේ ලිං වලින් පෙට්‍රල් මතුවීමට පටන් අරන්- වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අසල ඉන්ධන පිරවුම් හලෙන් දැඩි තර්ජන

කඩවත පහල බියන්විල ප්‍රදේශයේ නිවෙස්වල පිහිටි ලිං වලින් පෙට්‍රල් මතුවීමට පටන් ගෙන ඇතැයි යන තොරතුරක් අනුව එය වාර්තා කිරිමට ගිය විද්‍යුත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට එම ප්‍රදේශයට යාව පිහිටි ඉන්ධන පිරවුම් හලක සේවකයන් දෙදෙනෙකු විසින් සිද්ධියට අදාල පසුබිම් රූපගත කිරීමට ඉඩ නොදී බාධාකරමින් තර්ජනය කිරීම නිසා සිය රාජකාරියට බාධා කිරීම සම්බන්ධව එම මාධ්‍යවේදීන් විසින් කඩවත පොලීසියට පැමිණිලි කර තිබෙනවා.


කඩවත පහල බියන්විල සමාධි මාවතේ පිහිටි නිවෙස් වල ජනතාව ඊයේ (09 වනදා) රාත්‍රී ප්‍රදේශය භාරබියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට දන්වා ඇති අතර ඔහු අද උදෑසන එම ස්ථානයට ගොස් ලිං ජලය ගෙන පරීක්ෂාවට ලක් කර පසුව කඩවත පොලීසිය සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැමිණිලි කර තිබෙනවා.

ලිං ජලය ගෙන ගිණිකූරක් ගැසීමේදී එම ජලය පෙට්‍රල් ආකාරයෙන්ම දැවී යන අයුරු නිරීක්ෂණය කල නිලධාරීන් මෙම ලිං ජලයට පෙට්‍රල් කලවම් වී ඇති බවට නිගමණය කර ඇති අතර ලිං කළු පැහැ ගැන්වී ජලයද කළුපැහැ ගැන්වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් මුහුණපා ඇති අපහසුතාවය පිලිබදව තොරතුරු ලද මාධ්‍යවේදින් සිද්ධිය වාර්තා කිරීමට එම ස්ථානයට ගොස් සිද්ධියට අදාල යැයි සැක කල හැකි ඒ අසල පිහිටි ඉංධන පිරවුම් හල ආසන්නයේ සිට පටිගත කිරීම් සිදු කරන අවස්ථාවේදී එහි සේවකයන් දෙදෙනෙකු පැමිණ මාධ්‍යවේදීන්ට පහර දීමට සැරසී තර්ජනය කරමින් එලවා දැමීමටත් කැමරා ඇද දැමීමටත් සූදානම් වී ඇත. අපි ආයතන නියෝජණය කරන මාධ්‍ය හැදුනුම් පත සහිත අය බවත් රාජකාරියට බාධා නොකරන ලෙසත් පැවසූ නමුත් ඔවුන් දෙදෙනා එම වචන වලට නෑසූ කන් ඇතිව මාධ්‍ය වේදීන් පන්නා දැමූ බවත් සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදීන් පැවසීය.

එක් සේවකයෙක් පොලීසි යනවා යැයි පවසමින් පොලිසිය මිදුල්ට ගොස් ආපසු හැරී පැමිණ යලිත් වරක් තර්ජනය කරමින් මාධ්‍යවේදීන් නොසරුප් වදනින් බැන එලවා ඇති අතර සිදුවීම දරා ගත නොහැකිවූ ඔවුන් තම රාජකාරියට බාධා කර බවත් තර්ජණ කරමින් කැමරා ආම්පන්න වලට අත තැබීමට සූදානම් වූ බවත් කඩවත පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව බියගම ප්‍රදේශය සභා මංත්‍රී අජිත් කුමාර මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ පැවසීය.

"මම කඩවත පහල බියන්විල භාර මංත්‍රීවරයා ඊයේ රාත්‍රී පැමිණිලි කිරීමක් බලන්න අද උදේ මා එහි ගියා.සිද්ධිය සත්‍ය වග ඕනෑම අයෙක්ට තේරෙනවා. මාධ්‍ය වේදීන් කියන්නේ ජනතා ප්‍රශ්ණ වලදී එයට මැදිහත් වෙන පිරිසක්.අපි ඔවුන්ගේ රාජකරියට බාධා කිරීම නිකල යුතුයි.මේ සම්බංධව මා කඩවත පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කලා.මේ වන විට සිද්ධියට සම්බංධව සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.හෙට 11ස් වනදා ඔවුන් මහර අධිකරනයට ඉදිරිපත් කරනවා.ප්‍රදේශවාසින්න් මංත්‍රී වරුන් සියළු දෙනාගේ සහාය අපහසුතාවයට පත්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට ලබා දෙනවා. මෙම ගැටළුකාරී තත්වය මම විෂය බාර ඇමති මහින්ද අමරවීර මහතාටත් දැනුම් දුන්නා. පහල බියන්විලට ආසන්නව ඉන්ධන පිරවුම් හල් දෙකක් තියෙනවා.මේ දෙකෙන් කුමන ඉන්ධන හලකින් මෙම කාන්දුව වේදැයි අපි වහාම සොයා බලනවා යැයි පැවසීය."

කැලණිය කුසුම් එස් හැන්නදි
Previous Post Next Post