‘ස්විස් සේවිකාව පැහැර ගැනීම බොරුවක්.. මවාපෑමක්..’ ස්විට්සරලන්තයට කට උත්තර නැති කරමින් දෙස් විදෙස් මවිත කල රාජතාන්ත‍්‍රික ප‍්‍රහාරයෙන් පසු ජනපති මාධ්‍ය හමුවේ කියයි

කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන යාමේ චෝදනාව සම්පූර්ණයෙන්ම මවාපෑමක්, අසත්‍යක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රජය හෝ රජයේ ආයතනයක් එවන් සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එවන් කිසිදු සිදුවීමක් සිදුවී නැති බවත් ජනාධිපතිවරයා පැවසීය.


විදෙස් මාධ්‍ය විසින් අනවශ්‍ය ලෙස එම අසත්‍ය පුවත පළ කළ බවත් ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේදී අද මෙරට මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

එම හමුව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක් …
– මාධ්‍යයෙන් රටට විය යුතු වගකීම ද ජනපති පැහැදිළි කරයි.

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයෙන් ජනාධිපතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානSන් අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව බව සඳහන් කෙරිණි.පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිවය. දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වේ. එම අරමුණ ජය ගැනීමේදී ද මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.



ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වේ. එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබද සිය ප්‍රසාදය පළ කළේය.

ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කළ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඒවා නිවරුදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බවයි.

නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීමේ රැල්ල පිළිබදව මෙහිදී මාධ්‍ය දැනුවත් කළ ජනාධිපතිතුමා පැවසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරැණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවයි.

කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මොහාන් සමරනායක
අධ්‍යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය

Previous Post Next Post