රටම ජනපති අනුව යයි.. ප‍්‍රාදේශීය, නගරසභා සභාපතිවරුන්ද තම පින්තූර ඉවත් කරති.. රාජ්‍ය ලාංඡනය පමණයි

රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය නොකිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද දැනුම් දීම අනුව රටපුරා පිහිටි පලාත් පාලන ආයතනවලද සභාපතිවරුන්ගේද පින්තූර ගලවා ඉවත්කර ගනිමින් සිටිති.


බොහෝ පළාත් පාලන ආයතන සභාපතිවරයාගේ පින්තූරය සහ ජනාධිපතිවරයා ගේ පින්තූරය ඉවත්කර රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරමින් ඇත.

මේ වන විට සියලුම රාජ්‍ය ආයතනවල ‍ප‍්‍රදර්ශනය කරමින් ඇත්තේ රාජ්‍ය ලාංඡනය පමණි.
Previous Post Next Post