සජිත් - ගෝඨා හැර සියළු අපේක්ෂකයින්ට ඇප මුදල් අහිමි වෙයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාගෙන් 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වී තිබෙනවා. ඒ ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 5% ක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්.


මෙවර ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ (52.25%) සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස (41.99%) යන අපේක්ෂකයින් දෙදෙනා පමණක් ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්වූ අතර වෙනත් කිසිඳු අපේක්ෂකයෙකු 5% ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වුනා.

එසේම ජනාධිපතිවරණයේ තුන්වන ස්ථානයට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ලබා ගත හැකි වූවේද  මුළු ඡන්ද ප්‍රමාණයෙන් 3.16% ක් පමණයි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ වලාන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් රුපියල් 50,000 ක ඇප මුදලක් සහ ස්වාධීන කණ්ඩායම් වලින් තරඟ කළ අපේක්ෂකයින් රුපියල් 75,000 ක් බැගික් ඇප මුදල් තැන්පත් කළ අතර ඒ අතුරින් 5% ක අවම ඡන්ද ප්‍රතිශතය ඉක්වා ඡන්ද ලබා ගත් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙක් සියළුම අපේක්ෂකයින්ගේ ඇප මුදල් රාජසන්තක වී තිබෙනවා.
Previous Post Next Post