Email

චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක පුටුවට.. හෙල උරුමයෙන් මුදා හරින්න සූදානම්

ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය හෝ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එජාපයට එක්වීමට සූදානම් බව වාර්තා වේ.


සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයට එක් වන්නැයි එහි ඉහළම නායකයන් කිහිපදෙනෙකු ආරාධනා කල බවයි.

ජාතික හෙළ උරුමයේ සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ බව පැවසූ බවද එම වාර්තාව කියයි.

එජාපය මෙහෙයවීමට ආරාධනාවක් ලැබෙන්නේ නම් චම්පික රණවක මහතා ඒ වෙනුවෙන් නිදහස් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සූදානම් බවද වර්ණසිංහ මහතා සඳහන් කර ඇත.
gossip lanka