ISIS සැකකරුවන් 127 ක් ඉන්දියාවේ දී කොටුවෙයි - සහරාන්ට සහය දැක්වු පිරිසකුත් ඒ අතර

අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් පෙන්වා දෙන්නේ අදාළ පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බවයි.


ඉන්දියාවේ ප්‍රාන්ත 14ක සිදුකළ මෙහෙයුම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර  සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා අදාළ සංවිධානයට සහය පල කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු තමිල්නාඩු  ප්‍රාන්තයේ වන අතර පුද්ගලයින් වන අතර ඊයේ(14) පැවති ත්‍රස්ත විරෝධී කණ්ඩායම්වල ප්‍රධානීන්ගේ හමුවකදී අලෝක් මික්ටාල් ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන මඟින් තමන් රැඩිකල්කරණය වූ බව පිළිගෙන ඇති බවයි.
Previous Post Next Post