එජාප ජනාධිපති අපේක්‍ෂක එන සිකුරාදා නම් කරයි !

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා එලැබෙන 06 වැනිදා නම් කරන බව කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

6වනදා පක්‍ෂයේ 72 සංවත්සරය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම සමුළුව සඳහා රට පුරා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන පළාත් සභා පාර්ලිමේන්තු ඇතුළු සංවිධායකයින් සහභාගී වන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂය නිල වශයෙන් දන්වා ඇත්තේ ජනාධිපතිවරයා නම් කිරීම සිදු කරන්නේ ජනාධිපතිවරණය කැදවීමෙන් පසු පක්‍ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් බවයි.
Previous Post Next Post