මා උපන් දා සිටම ජනාධිපති වෙන්න බලාගෙන හිටියේ - සජිත්

පන් දා සිටම තමන් රටේ නායකත්වය බාර ගැනීමට සූදානමින් සිටින බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

ජනාධිපතිවරණයට කරූ ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට වන වාර්තා ගැන ඇමතිවරයාගෙන් විමසීමේදී ඒ ගැන කිසිදු වචනයක් හෝ නොපවසා තම ඔළුවේ මේ මොහොතේ ඇත්තේ චෛත්‍ය 1125 ක් දහම් පාසල් 1000 ක් සැදීම සම්බන්ධයෙන් බවයි.
Previous Post Next Post