ක්‍රිකට් ලොකු පුටුවට ශම්මි ද සිල්වා පත්වෙයි

ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වරණයේදී 2019 - 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරීන් මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය අද (21) උදෑසන 10ට ආරම්භ විය.
මේ සඳහා පැවති ඡන්ද විමසීමේ දී ශම්මි සිල්වා මහතා සභාපතිධූරය සඳහා ඡන්ද 83 ක් හා ජයන්ත ධර්මදාස මහතා ඡන්ද 56ක් ලබා ගෙන තිබේ.

ඒ අනුව වැඩි ඡන්ද 27 කින් ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපතිවරයා වශයෙන් ශම්මි සිල්වා මහතා තේරී පත්විය.
Previous Post Next Post