බොරැල්ලේ OIC හැප්පුවට අලුත්ගමගේගේ පුතත් අල්ලයි

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා වන රනිෂ්ක අලුත්ගමගේ, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී දුමින්ද ආටිගල සහ ඩිෆෙන්ඩර් රථය පැදවූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු මෙන්ම එම රථයේ හිමිකරු සහ තවත් අයෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් මොවුන් අද (25) අලුත්කඩේ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ (24) සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
Previous Post Next Post