Email

රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වසර දෙකක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධනා ගිවිසුම කල් ඉකුත් වී අහෝසි වීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය මෙන්ම කැබිනට් මණ්ඩලයට බලශුන්‍ය බල රහිත වන බව
නීතීවේදීහු පෙන්වා දෙති.

පසුගිය දෙසැම්බර් මාසයෙන් ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වූ නිසා එතැන් සිට මේ ගෙන යමින් ඇත්තේ නීති විරෝධී නීතියට පටහැනි ආණ්ඩුවක් යයි නීතීඥ ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සදහ ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගේ මතයද විමසා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතර බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමින් සිටින අතර ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමට කමිටුවක්ද පත් කර ඇත.

නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කිරීමටද තීරණය වී තිබේ.

gossip lanka