Email

ප්‍රබල ඇමැති තනතුරු වෙනස හෙට

ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුර කිහිපයක වෙනසක් සමග කැබිනට්  මණ්ඩල සංශෝධනයක් ජනාධිපතිවරයා විසින් හෙට (21) දින කරනු ඇති බව රජයේ ආරංචිමාර්ග අනාවරණය කරයි. පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ අමාත්‍යාංශ කිහිපයකට නව ඇමැතිවරු මෙහිදී පත්කෙරෙනු ඇත.
දේශපාලන ක්ෂේත්‍රයේ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට ප්‍රධාන ඇමැතිකමක්ද, එක්සත් ජාතික පක්ෂයකට මෑත කාලයේ එක් වූ
චරිතයකට නීතිය හා සාමය ඩිජිටල් අමාත්‍යාංශය ද හිමිවනු ඇති බවටද අනාවරණය වේ.

මීට අමතරව තවත් ඇමැතිවරු කිහිපදෙනකුගේ අමාත්‍යාංශ වෙනස් කිරීමකට ලක්වෙනු ඇති බවද රජයේ ආරංචිමාර්ග පැවැසීය.

- පානුක රාජපක්ෂ

gossip lanka